ලබන ජනවාරි 01 වනදා රාජ්‍ය සේවකයන් 25000ක් විශ්‍රාම යයි

විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම හේතුවෙන් ලබන වසරේ ජනවාරි 01 වනදායින් පසු රාජ්‍ය සේවකයන් 20000 ත් 25000ත් අතර පිරිසක් විශ්‍රාම ගැන්වෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යංශය විසින් රාජ්‍ය නිලධාරින්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා අඩුකිරීමට අදාළ චක්‍රලේඛය අද (14) නිකුත් කෙරුණා.

රාජ්‍ය සේවකයන් 18,000 ත් 20,000 අතර සංඛ්‍යාවක් වාර්ෂිකව විශ්‍රාම යාම සිදුවු අතර එහෙත් විශ්‍රාම යන වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමත් සමග එම සංඛ්‍යාව කිහිප ගුණයකින් අඩු වූ අතර නව චක්‍රලේඛයත් සමග විශ්‍රාම යන සංඛ්‍යාව දෙගුණ වනු ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

Leave a Reply