ලංකාවට ඩොලර් ගෙන කුරුදු නිෂ්පාදකයින් කබලෙන් ලිපට

මුල්‍ය අර්බුදය නිසා කුරුදු තොග ගැනුම්කරුවන් හා අපනයනකරුවන් විසින් කුරුදු මිලදි ගැනිම සිමාකිරිම නිසා කුරුදු වගාකරුවන් ගැටළු රැසකට ලක්ව ඇති බව ඔවුහු පවසති.

මෙම තත්වය නිසා රුපියල් 4100ට පමණ පැවති කුරුදු කිලෝවක මිල මේ වනවිට රුපියල් 3500 හා 3200 දක්වා පහත වැටිඇති බවද කුරුදු වගාකරුවන් පවසති.

කෙසේ වුවද ප්‍රමිතියෙන් යුතු හින් කුරුදුවල මිල එතරම් පහත වැටි නොමැති අතර ගොරෝසු කුරුදු සදහා වන මිල පහත වැටි ඇති බවද කුරුදු නිෂ්පාදකයින් පවසති.

කුරුදු තොග ගැනුම්කරුවන් විසින් කුරුදු මිලදිගෙන ගබඩාකොට තබාගැනිම සිමා කොට ඇති අතර එදිනෙදා අවශ්‍යතා සදහා පමණක් කුරුදු මිලදි ගැනිම සිදුකෙරේ.

බැංකු පොලිය ඉහලයාම නිසා බැංකු අයිරා පහසුකම් ලබාගෙන කුරුදු මිලදි ගෙන ගබඩාකොට තබා ගැනිමෙන් ලාභයක් ලබාගත නොහැකි බවද කුරුදු තොග ගැනුම්කරුවන් පවසති. බැංකු අයිරා සදහා මාසිකව රුපියල් ලක්ෂ 40 පමණ පොලියක් ගෙවිමට සිදුවි ඇති බව පවසන කුරුදු තොග ගැනුම්කරුවන් මෙම තත්වය නිසා කුරුදු මිලදි ගැනිම සිමාකොට ඇති බවද ඔවුහු පවසති.

එමෙන්ම ආනයනය සිමා කිරිම තුල කුරුදු අපනයනය කිරිම සදහා හිස් කන්ටෙනර් බහාලුම් ගෙන්වා ගැනිමට සිදුවිම නිසා ඒ සදහා විශාල මුදලක් දැරිමට සිදුවි ඇති බවද කුරුදු අපනයනකරුවන් පෙන්වාදෙති.

Leave a Reply