රූමස්සල කන්දේ කාන්තා මළ සිරුරක්

උණවටුන රූමස්සල කන්දේ කුළුණු කන්ද ප්‍රදේශයේ ගල් තලාවක තිබී කාන්තා මලසිරුරක් අද (05) පෙරවරුවේ සොයා ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් අනුව පොලිසිය විසින් මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර එය සොයාගන්නා අවස්ථාවේ තරමක් නරක් වී තිබූ බව පොලිසිය පවසයි.

මෙතෙක් මියගිය කාන්තාව කවුරුන්ද යන්න අනාවරණය කරගෙන නොමැති අතර සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවද පොලිසිය පවසයි.

මේ සම්බන්ධයෙන් හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply