රුසියානු ගුවන් ප්‍රහාර නිසා අපිට කරන්ට් නැහැ : යුක්‍රේන ජනාධිපති

රුසියාව විසින් තම රටට එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට රට පුරා විදුලිය විසන්ධිවීමක් සිදුව ඇති බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සිය රට පුරා බලශක්ති මධ්‍යස්ථාන අඩකට වැඩි සංඛ්‍යාවක් අලුත්වැඩියා කිරීමට සිදුව ඇති බව ද නිව්යෝර්කි හී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි සඳහන් කර ඇති බව එම වාර්තා සඳහන් කළේය.

විදුලිය ඇනහිටීම් හේතුවෙන් න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරක තුනක් ද අක්‍රීය වී ඇති බවද යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ශීත සෘතුව ආරම්භවීමත් සමග රුසියාව විසින් යුක්‍රේනයේ යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් සිදුකරන මෙම ප්‍රහාර තිව්‍ර කර ඇති අතර මෙමගින් එරට ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙන බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a Reply