රුවන්වැල්ලේ මනුෂ්‍ය ඝාතනයක්

රුවන්වැල්ල මැදගොඩ ප්‍රදේශයේ දී බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු ඊයේ (01) සවස ඝාතනය කර ති‌බෙන බව පොලිසිය පවසයි.

නිවසක ආරවුලක් ඇති වූ බවට 118 පොලිස් හදිසි ඇමතුම් ඒකකය මඟින් රුවන්වැල්ල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබු අතර ඒ අනුව රුවන්වැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම ලිපිනයට පිටව ගොස් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.

එහිදී ගෙල ප්‍රදේශයේ කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු නිවසක් තුළ වැටී මියගොස් සිටින බවට නිරීක්ෂණය වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 33 හැවිරිදි මැදගොඩ අමිතිරිගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය අය ඔහුගේ වැඩිමහල් සහෝදරයා සහ තවත් පුද්ගලයෙකු සමග නිවසේදී මත්පැන් පානයකර ඇති අතර එම අවස්ථාවේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය විසින් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අවනාවරණය වී තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් සිටින ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply