රුපියල් 50කට ආපනශාලා හිමිකරු ඝාතනය කල සැකකරු අල්ලයි

රුපියල් 50 ක සිද්ධියක් මුල් කරගෙන ගල්කිස්ස ආපනශාලාවක හිමිකරුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි.

ඝාතනය සඳහා යොදාගත් පිහිය ද සමග රත්මලාන පදිංචි 31 හැවිරිදි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු මියගිය අයට ඉකුත් 22 දින කොස් ගෙඩියක් අලෙවි කිරීමට පැමිණ එයට රුපියල් 250ක් ලබා දෙන ලෙස ඉල්ලා ඇති අතර ආපන ශාලා හිමිකරු එයට රුපියල් 200ක් දෙන බව පැවසීමෙන් අනතුරුව ඇති වූ බහින් බස් බස්වීමක් මුල් කරගෙන මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඝාතනයෙන් පසු සැකකරු පලාගොස් සිටියදී පොලිසියට ලද තොරතුරක් අනුව සැකකරු රත්මලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply