රුපියල් 50 ආනයනික බිත්තර බද්ද රුපියල දක්වා අඩු කෙරේ

ආනයනික බිත්තරයක් සඳහා පනවා ඇති රුපියල් 50 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පෙබරවාරි මස 21 සිට බලපැවැත්වෙන පරිදි රුපියලක් දක්වා අඩු කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මඟින් බිත්තර ආනයනය කිරීමේදී මෙම සහනය ලැබෙන අතර අදාළ බඳු සංශෝධනය මාස 03 ක කාලයක් සඳහා වලංගු වනු ඇත.

මේ යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව මඟින් ආනනය කරනු ලබන මිලියන 02 ක බිත්තර අඩංගු නෞකාව අද (24) ඉන්දියාවේ සිට මෙරටට ළඟාවීමට නියමිතය.

Leave a Reply