රිය අනතුරකින් ඉන්ධන පෝලිමේ සිටි පුද්ගලයෙකු මරුට

ඉන්ධන පෝලිමේ රැදී සිටි දෙදරු පියකු ලොරි රථයක ගැටී අද (29) අලුයම මියගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ අලුත්ගම , දර්ගා නගරය , අලවතුගොඩ, පුවක්වත්ත ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය පවසයි.

දර්ගා නගරය අඹගහ හන්දිය පිරවුම්හලේ ඩීසල් ලබාගැනීම සදහා පෝලිමේ රැඳී සිටියදී අලුත්ගම දෙස සිට මතුගම දෙසට ගමන් කළ ලොරි රථයක ගැටී ඇති අතර පසුව සීනවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි සදහන් වේ.

අනතුර සිදුකළ ලොරි රථය මතුගම දෙසට පලාගොස් ඇති අතර අද උදෑසන රියදුරු භාරවූ බවත් ලොරි රථය භාරයට ගත් බවත් පොලිසිය පවසයි.

Leave a Reply