රාජ්‍ය සේවක වැටුප් ගෙවන අකාරය ගැන ගාල්ලේ දී හෙලිදරව්වක්

මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට සිදුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ගාල්ලේ දී පැවසීය

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එම ගෙවීම් සඳහා රජයේ ආදායම ප්‍රමාණවත් නොවන බවය.

ගාල්ල දිස්ත්‍රික්කය සදහා බස් රථ බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ,

“රාජ්‍ය මූලයේ තියෙන විශාලම අර්බුදය තමයි අපිට එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් පියවාගන්න ප්‍රමාණවත් ආදායමක් නැහැ. උදාහරණයක් වශයෙන් මාර්තු මාසයට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විශ්‍රාම වැටුප් සමෘද්ධි දීමනා හා වෙනත් එදිනෙදා පවත්වා ගෙන යාමේ වියදම්වලට ඇස්තමේන්තු කරලා තියෙනවා බිලියන 196ක්. බලාපොරොත්තු වෙන සියලුම ආදායම තියෙන්නේ බිලියන 173යි. එතකොට බිලියන 23ක් මාර්තු මාසයට පවත්වාගෙන යන්න මදි. ඒ අතර අර ගෙවිය යුතු බහු පාර්ශක ණය ගෙවන්න අවශ්‍යයි බිලියන 500කට වඩා වැඩි මුදලක්. ඉතින් මේ මාර්තු මාසයට 500 ගණනක් විතර අඩුයි මාස දෙකක වැටුප් ගෙවන්න සිදුවෙනවා අවුරුද්ද නිසා. ඒ කියන්නේ මාර්තු මාසයේ වැටුපයි, අප්‍රේල් මාසයේ වැටුපයි. මේ වැටුප් දෙක ගෙවාගැනීම සඳහා මේ ලැබුණ පළවෙනි වාරික මුදලින් කොටස් භාණ්ඩාගාරය පාවිව්චි කරන බව තමයි සඳහන් කරේ.

Leave a Reply