රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප පෙන්නා ලක්ෂ 26ක් කප්පම් කාලා

පදවි ශ්‍රීපුර ප්‍රදේශයේ පදිංචි රාජ්‍ය නිලධාරිනියකගේ නිරුවත් ඡායාරූප ඇයගේ සැමියාගේ ජංගම දුරකථනයට  සහ අන්තර්ජාලයට එක් කරන බවට පවසා තර්ජනය කර බියට පත්කර රුපියල් ලක්ෂ 26 කට අධික මුදලක් වරින්වර බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කරගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයන් පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.

රාජ්‍ය නිලධාරිනිය මේ බව ශ්‍රී ශ්‍රීපුර පොලිසියට පැමිණිලි කර තිබේ

මෙම පැමිණිලිකාර රාජ්‍ය නිලධාරිණිය කුලියාපිටිය නාරම්මල ප්‍රදේශයේ පදිංචි අයකු සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතර වාරයේ රාජ්‍ය නිලධාරිණියගේ නිරුවත් ඡායාරූප අනියම් සැමියා ලබාගෙන ඇතැයි පොලිසිය පවසයි.

සැකකරු 2019 වසරේ සිට රාජ්‍ය නිලධාරිණිය බියට පත්කරවරින් වර මෙම මුදල ඔහු විසින් ලබාදුන් බැංකු ගිණුමක තැන්පත් කරවාගෙන කරවා ගෙන ඇතැයි පොලීසිය පවසයි.

රාජ්‍ය නිලධාරිනිය කළ පැමිණිල්ල අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට ශ්‍රීපුර පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

Leave a Reply