රඹුටන් ඇටයක් සිර වී දරුවෙක් මරුට

යාපනය, කන්කසන්තුරය, කොල්ලන්කලණ්ඩි ප්‍රදේශයේ පදිංචිව සිටි දරුවෙක් රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 10 හැවිරිදි පිරිමි දරුවෙක් බව කන්කසන්තුරය පොලීසිය පවසයි.

දරුවා රඹුටන් කමින් සිටි අවස්ථාවේ දරුවාට හුස්ම ගැනීමට අපහසු වී ඇති අතර, දරුවා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කර ඇත. එලෙස රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව දරුවා මියගොස් ඇති බවට අනාවරණය වී තිබේ.

දරුවාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී දරුවාගේ උගුරේ රඹුටන් ඇටයක් සිරවී ඇති බවට අනාවරණය වූ බව වෛද්‍ය වාර්තා සඳහන් කොට ඇති බවද පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කන්කසන්තුරය පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Leave a Reply