රන් මාල කැඩු සැකකරුවකු හඹා ගොස් ඇල්ලු කොස්තාපල්ට ඇගයීමක්

උණවටුන වැල්ල දේවාලයේ උත්සවයට පැමිණි ග්‍රාම නිලධාරිවරියකගේ ගෙල බැඳි රුපියල් 40000 පමණ වටිනා රන් මාලය කොල්ලකන ලද සැකකරුවෙකු පසුපස හඹාගොස් අත් අඩංගුවට ගන්නා ලද ආධුනික පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අගයා ඔහුට ත්‍යාග මුදල් පිරිනැමිමට ඊයේ (13) දිනයේම ගාල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා විසින් පියවර ගන්නා ලදි.

ත්‍යාග මුදල් පිරිනමා මෙසේ ඇගයිමට ලක්කරනු ලැබුවේ ගාල්ල පොලිසියට අනුයුක්ත ආධුනික කොස්තාපල් හේරත් (100100) මහතාය.

මෙහිදි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ නිලධාරින් දිරිමත් කිරිම සඳහා වහාම මෙසේ ත්‍යාග මුදල් පිරිනැමිමට පියවර ගත් අතර ඉදිරියටත් ක්ෂණික ඇගයිම් කරන බවය.
මෙම අවස්ථාවට පොලිස් අධිකාරි සනත් අමරසිංහ, වසන්ත කෝරළගේ යන මහත්වරුද එක්ව සිටියහ.

Leave a Reply