රථවාහන වරදකට ජනපති ලේකම්ගේ නම විකුණු තරුණයෙකුට ඇප

තමන් ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ පුත්‍රයා බව පවසමින් මිත්‍රයකුගේ වාහනයක් රථවාහන වරදකින් නිදහස් කර දෙන ලෙසට ඉල්ලා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ කුරුදුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදුන් බව කියන තරුණයකු රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කර තිබේ.

සැකකරු අන්අයකු ලෙස පෙනී සිටිමින් වංචා කර ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 175 සහ 403 වගන්තිවලට අනුව වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුට ඇප නියම කරමින් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ඉදිරි දිනයේදී අධිකරණයට ගොනු කරන ලෙසට කුරුදුවත්ත පොලීසියට නියම කරමින් ලබන 20 වැනිදා තෙක් නඩුව කල් තබා තිබේ.

Leave a Reply