රත්මලාන දී මනුෂ්‍ය ඝාතනයක්

ගල්කිස්ස ගාලු පාරේ රත්මලානේ පිහිටි හෝටල් හිමියකුට හෝටලය තුළදී තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඝාතකයා පලාගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ 29 හැවිරිදි හෝටල් හිමියෙකි.

ප්‍රහාරයට ලක්වූ හෝටල් හිමියා කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටි අතරතුර මියගොස් ඇති බව වාර්තාවේ.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබයි.

Leave a Reply