රත්මලාන දී ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

රත්මලාන, බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ ඊයේ (16) පස්වරුවේ මුදල් කොල්ලයක් සිදුවී තිබෙන පොලිසිය පවසයි.

නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බියවද්දා එලෙස මුදල් කොල්ලකා පළාගොස් ඇති අතර කොල්ලකරුවන් දෙදෙනා කුඩා ගිනිඅවියක් වැනි ආයුධයක් සහ පිහියක් පෙන්වා මෙම කොල්ලය සිදුකර ඇති බවද පොලිසිය පවසයි.

රුපියල් 1,158,000ක පමණ මුදලක් එලෙස කොල්ලකා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

පාගමනින් පැමිණ ඇති සැකකරුවන් දෙදෙනා මුදල් කොල්ලකෑමෙන් පසුවත් පාගමනින්ම බෙලෙක්කඩේ පොළ දෙසට ගමන් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

Leave a Reply