රත්ගම වෙඩි තැබීමකින් එක් අයෙක් මරුට දෙදෙනෙකුට තුවාල

ගාල්ල – රත්ගම, ගම්මැද්දේගොඩ ප්‍රදේශයේ දී අද (31) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් එක් අයකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බව පොලිසිය පවසයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර පලාගොස් ඇති බවද පොලිසිය පවසයි. වෙඩි වැදුණු පුද්ගලයින් ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී එක් අයකු ජීවිතක්ෂය පත්ව තිබෙන බවද පොලිසිය පවසයි. මියගිය පුද්ගලයා 45 හැවිරිදි ගම්මැද්දේගොඩ ප්‍රදේශයේම පදිංචි අයෙකු බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි

Leave a Reply