රත්ගම නිවසකට කළු ගල් බැම්මක් කඩා වැටිලා

පවතින අධික වර්ෂාව හේතුවෙන් අද (22) දහවල් රත්ගම පන්විල ප්‍රදේශයේ නිවසකට කළු ගල් බැම්මක් කඩා වැටීමෙන් නිවසේ සිටි කාන්තාවක් සුළු තුවාල ලබා රත්ගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කල බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

සිද්ධියෙන් එම නිවසට දැඩි හානි ද සිදු වී ඇති අතර එය කඩා වැටෙන අවස්ථාවේ තුවාල ලැබූ කාන්තාවගේ දියණිය, බෑනා සහ දියණියගේ දරුවා සිට ඇති අතර ඔවුන්ට කිසිදු අනතුරක් සිදු වී නොමැත බවද එම ඒකකය පවසයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මෙලෙස කඩා වැටී ඇත්තේ අසල පිහිටි නිවසක කළුගල් බැම්මක් මෙලෙස කඩාවැටී තිබෙන බව එම ඒකකය පවසයි.

Leave a Reply