රට පුරා බහුතරයක් හෝටල් ආපන ආපනශාලා වැසී යාමෙන් ජනතාව පීඩාවට

ගෑස්, සහල් ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නොමැතිවීමෙන් හෝටල් වලින් සියයට 60ක් පමණ වැසී ගොස් ඇතැයි සමස්ථ ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් රජයේ බළධාරීන්ගේ අවධානය යොමු කළත් කිසිදු විසදුමක් ඔවුන්ගෙන් නොලැබුන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර ගෑස් හිඟය මෙන්ම හාල්, පාන්පිටි  ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟය හේතුවෙන් රටපුරා හෝටල්, ආපන ශාලා සහ බේකරි දහස් ගණනක් වසා දමා ඇතැයි ඒවායේ හිමිකරුවෝ පවසති.

ප්‍රධාන නගරවල පමණක් නොව ප්‍රදේශීය නගර මෙන්ම ගම්බද ආපන ශාලා බේකරි රැසක් වසා දමා ඇති අතර මේ හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි පීඩාවට පත්ව සිටින බවත් කෑම වේලක් මිලදී ගැනිම සඳහා කිලෝමීටර් ගණන් ඇවිද යාමට සිදුව ඇති බවද ඔවුහු පවසයි.

Leave a Reply