රක්ෂණ සමාගමේ සභාපතිගේ ඝාතනය ගැන CID පරික්ෂණ

ප්‍රකට ව්‍යාපාරිකයෙකු සහ රක්ෂණ සමාගමක සභාපතිවරයකු වු දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙන බව පොලිසිය පවසයි.

බොරැල්ල කනත්තේ සිය මෝටර් රථය තුල දෑත් ගැට ගසා ගෙල සිරකර සිටියදී ඊයේ (15) පස්වරුවේ ඔහු සොයා ගෙන ඇති බවත් පසුව ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රීයේදී ජීවිතක්ෂයට පත් වී තිබෙන බවත් පොලිසිය පවසයි.

ඒ මහතා සිය බිරිඳට බොරැල්ල ප්‍රදේශයට යන බව පවසා ඊයේ (15) පස්වරුවේ නිවසින් පිටත්ව ගොස් තිබේ. පසුව බිරිඳ ඔහුගේ ජංගම දුරකතනයට ඇමතුමක් ලබාගෙන ඇතත් එය නාද නොවීම හේතුවෙන් බිරිඳ සොයා බැලීමේදි ඔහු බොරැල්ල කනත්තේ සිටින බවට ජංගම දුරකතනයට සංඥා ලැබී ඇතැයි පොලිසිය පවසයි.

පසුව බිරිඳ ඒ මහතාගේ කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබාගෙන ඒ බව පවසා තිබෙන බවත් කාර්යාල සේවකයා බොරැල්ල කනත්තට ගොස් සොයා බැලීමේදි ඒ මහතා සිය මෝටර් රථය තුළ අත්බැඳ දමා සිටියදී සොයා ගෙන ඇති අතර කාර්යාල සේවකයා ඔහු කනත්තේ සේවකයෙකු සමග එක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට පරික්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Reply