යෝධ ඇළට වැටී කුඩා දැරියක් ජිවිතක්ෂයට

හසලක උල්පතගම ප්‍රදේශයේ දී ඊයේ (10) කුඩා දැරියක් මිණිපේ යෝධ ඇළට වැටී මියගොස් ඇති බව හසලක පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස 3ක් වයසැති සිඟිති දැරියක් බව පොලිසිය පවසයි .

කුඩා දැරිය සිය වැඩිමහල් සහෝදරයා සමග සිය නිවස අසල පිහිටි තවත් නිවසකට ගොස් සෙල්ලම් කරමින් සිට ඇති අතර පසුව ඒ ආසන්නයේ පිහිටි මිණිපේ යෝධ ඇළට ගොස් තිබේ.එහි දී දැරිය යෝධ ඇළට වැටී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් ගොඩට ගෙන දැරිය හසලක රෝහලට රැගෙන ඇතුළත් කර තිබේ.

ඒ වන විටත් දැරිය මියගොස් සිට තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි

Leave a Reply