රුසියානු – යුක්රේන යුද්ධයට වසරයි

රුසියානු – යුක්රේන යුද්ධයට අදට (24) වසරක් සපිරේ.

2021 වසරේ, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ‘නේටෝ’ සාමාජිකත්වය අපේක්ෂා කළේය. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊට තදින් විරුද්ධ විය. යුක්රේනය දිගින් දිගටම ‘නේටෝ’ සාමාජිකත්වය ඉල්ලා සිටින්නේ නම්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගන්නා බවට පුටින් තර්ජනය කළේය.

යුක්රේන ජනාධිපති එම තර්ජන ගණනකට ගත්තේ නැත.ඒ අනුව පසුගිය 2022 වසරේ පෙබරවාරි 24 වැනිදා රුසියාව යුක්රේනය ආක්‍රමණය කළේය. රුසියන් ආක්‍රමණය හේතුවෙන් උන්හිටිතැන් අහිමි වුණු යුක්රේන වැසියන් ගණන මිලියන 7 කට වැඩිය.

මේ අතර

මේ අතර පහර දීම හෙළා දකිමින් සහ යුක්රේනයෙන් හමුදාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් නිව්යෝක් හී ජගත් මහ මණ්ඩලයේ දී ඊයේ යෝජනාවක් ද සම්මත කරගැනුනා.

ඊට පක්ෂව ඡන්ද 141ක් ලැබුණු අතර රුසියාව ඇතුළු රටවල් 7ක් විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල 32ක් ඡන්දය දීමෙන් වැළකීසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට ඉන්දියාව, චීනය, ඉරානය, දකුණු අප්‍රිකාව ද ඇතුළත්.

රුසියාව සමඟ යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කළේ, බෙලරුස්, උතුරු කොරියාව, එරිත්‍රියාව, මාලි, නිකරගුවා සහ සිරියාවයි.

Leave a Reply