යාල රක්ෂිතයේ ගංජා හේනක් වටලා හතරක් අත්අඩංගුවට

කතරගම පොලිස් වසමේ යාල රක්ෂිතයේ නීති විරෝධීව වගා කර තිබූ අක්කර දෙකහමාරක පමණ ගංජා හේනක් වටලා සැකකරුවන්  හතර දෙනෙක් සමග ගිනි අවියක් සහ ජංගම දුරකථන හතරක් බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන කතරගම පොලිසියට බාරදි තිබේ. 

එම සැකකරුවන් හතර දෙනා තණමල්විල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (01) තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.

Leave a Reply