යාල්දේවි මහවදි පිට යයි

අනුරාධපුර සිට කොළඹ කොටුව ධාවනය වූ යාල්දේවි දුම්රිය මහව දුම්රිය ස්ථානය ආසන්නයේදී කොටස් දෙකකට වෙන්වී පිලී පැන තිබේ.

අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් අද (04) පස්වරු 2.00ට පමණ ගමන් ආරම්භ කළ මෙම දුම්රිය පස්වරුවේ පීලි පැන ඇත.

පීලි පැනීමට පෙර දුම්රිය මැදිරි සම්බන්ධ වන කොටසෙන් කැඩී වෙන්වී තිබූ බවත් එක් මංතීරුවක් මුළුමනින්ම අවහිරව ඇති බවත් සදහන් වේ.

දුම්රිය පීලිගත කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇති බව දුම්රිය බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply