යාලදි ගැමුණුට වෙඩි

යාල වනෝද්‍යානයේ සිටි ගැමුණු නැමති හස්තියාට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ.

එම හස්තියාගේ ඉදිරිපස දකුණු පාදයට වෙඩි වැදී ඇති අතර, බඳින ලද තුවක්කුවක් පත්තුවීමෙන් හස්තියාට තුවාල වන්නට ඇතැයි සැක කරන බව වාර්තාවේ.

කෙසේ වෙතත් මේ වන විට හස්තියාට ප්‍රතිකාර කිරීම වනජීවී නිලධාරීන් විසින් ආරම්භ කර ඇත.