යතුරු පැදියක් සහ මෝටර් රථයක් ගැටී දෙදෙනෙකු මරුට

මීගොඩ, ගොඩගම වටරැක ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

මෙම අනතුරෙන් 18 හැවිරිදි සිසුවෙකු ඇතුළු තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මාර්ගය හරහා යතුරු පැදියක යමින් සිටියදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ පැමිණි දෙදෙනා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ

මෝටර් රථයේ රියැදුරු ද සුළු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත්ව ඇතැයි පොලිසිය පවසයි.

මියගිය දෙදෙනාගේ මෘතදේහයන් දෙක මේ විට හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර අනතුර සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply