යතුරුපැදි අනතුරකින් මෝටර් රථ ධාවන ශුරයෙකු මරුට

බුලත්සිංහල හොරණ මාර්ගයේ ගෝවින්න සල් ගස් හන්දිය ප්‍රදේශයේ අද (11) පෙරවරුවේ යතුරුපැදියක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් තිබෙන බව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මහරගම ප්‍රදේශයේ පදිංචි කෞශල්‍ය සමරසිංහ නැමැති 31 හැවිරිදි මෝටර් රථ ධාවන ශුරයෙකි.

මියගිය අය තවත් දෙදෙනකු සමග යතුරුපැදිවලින් හොරණ ප්‍රදේශය සිට බුලත්සිංහල දෙසට යන අතරතුර මතුගම සිට හොරණ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply