මෝටර් රථ අමතර කොටස් සීඝ්‍රයෙන් ඉහළට

යතුරුපැදි, ත්‍රී රෝද රථ, මෝටර් රථ, බස්රථ ආදි රථ වාහන වල ලිහිසි තෙල්, ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් දරාගැනීමට නොහැකි ලෙස සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ජනතාව පවසති.

ඇතැම් අමතර කොටස් දීර්ඝ කාලයක් තිස්සේ වෙළඳපලේ නොමැති නිසා රථ වාහන නඩත්තු කිරීමට නොහැකි වී ඇතැයි ද ඔවුහු පවසති.ඇතැම් අමතර කොටස් සියයට තුන්සීයකින් පමණ ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු පවසති.

රුපියල් 4000 ත්, 5000 ත් අතර පැවති යතුරු පැදි ටයර් රුපියල් 12,000 ඉක්මවා හැකි බවත් ඔවුහු පවසති.

එමෙන්ම රුපියල් 3600ක් ව පැවති යතුරු පැදි බැටරිය රුපියල් 9000 ඉක්මවා ඇති අතර රුපියල් 450 ක් ව පැවති බ්‍රේක් ලයිනර් රුපියල් 1200 ක් දක්වාත්, රුපියල් 4000 ක්ව පැවති චේන් ස්පොකට් රුපියල් 9000 ක මිලකටත් රුපියල් 800ක් ව පැවැති ලිහිසි තෙල් රුපියල් 1600 ක මිලකටත් අලෙවි වන බව ඔවුහු පවසති.

රුපියල් 35,000 ක් ව පැවති බස්රථ ටයර් රුපියල් 75000 දක්වාත්, රුපියල් 24000ක් ව පැවැති බැටරිය රුපියල් 70000 ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.

වෙළඳපොලේ නැවත පුරවන ලද ටයර් වල විශාල හිඟයක් පවතින බවත් ඔවුහු පවසති.මීට අමතරව තිරෝද රථ මෝටර් රථ ඇතුළු සියලුම රථවාහන වල අමතර කොටස් තමන්ට දරාගැනීමට නොහැකි ලෙස වැඩි වී ඇතැයි ද ජනතාව පවසති.

රථ වාහන අමතර කොටස් අලෙවි නියෝජිතයන්ගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ රථ වාහන අමතර කොටස් ගෙන්වීමේ දී මතුවන ගැටලු සහ පවතින හිඟය අමතර කොටස් මිල ඉහල යාමට හේතු වී ඇති බවයි.

Leave a Reply