මෝටර් රථය පාරෙන් ඉවතට පැන තාප්පයක ගැටී සිදුවු අනතුරකින් 03 දෙනෙකු මරුට

ගල්ගමුව – ආණමඩුව ප්‍රධාන මාර්ගයේ ඉහළගම හන්දියේ දී සිදුවු රිය අනතුරකින් යුද හමුදාවේ මේජර්වරයකු ඇතුළු තිදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ අට වැනි ගජබා රෙජිමේන්තුවේ අනුරාධපුරය සාලියපුර කඳවුරේ සේවය කළ 35 හැවිරිදි මේජර්වරයෙකු, 30 හැවිරිදි සහ 36 හැවිරිදි අය බවට හඳුනා ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් ගල්ගමුව, නොච්චිය, වන්නිකුඩාවැව පදිංචිකරුවන් වන් බවත් තුවාලකරුවන් දැනට ගල්ගමුව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද පොලිසිය පවසයි.

පිරිස ගමන් කළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක් කඩාගෙන ගෙවත්තකට වැදි එහි පොල් ගසක ගැටි මේ අනතුර සිදුව ඇතැයි පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි.

Leave a Reply