මෝටර් රථයට යටකර බලු පැටවුන් මැරූ කාන්තාවට ඇප

පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වු කුඩා සුනඛයින් දෙදෙනෙකු යටකර පළායන මෝටර් රථයක CCTV දර්ශන පෙළට අදාලව එම මෝටර් රථය පැදවූ බවට පැවසෙන කාන්තාවක් මතුරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සත්ත්ව සංවිධාන කිහිපයක් එක්ව සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම කාන්තාව අත් අඩංගුවට ගෙන වලපනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර තිබේ.

සැකකාර කාන්තාව අධිකරණයේදී තමන් සිදුකළ වරද පිළිගෙන ඇති අතර එම නඩුව යළි ජුනි මස 01 වනදා කැඳවීමට නියමිතය.

මතුරට පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply