මෝටර් රථයක් අඩි 150 ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක් මරුට

රිවස්ටන් මාතලේ මාර්ගයේ 29 කිලෝමීටර් කණුව ආසන්නයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක පමණ ප්‍රපාතයකට පෙරළී ඊයේ (10) පස්වරුවේ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී දරුවන් දෙදෙනෙකු ඇතුළු හතර දෙනකු තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

අවස්ථාවේ මෝටර් රථය තුළ පුද්ගලයින් 05 දෙනෙකු සිට ඇති බවත් මෙලෙස මියගොස් ඇත්තේ උකුවෙල පදිංචි කාන්තාවක් බවද පොලිසිය පවසයි

මෝටර් රථය පදවා ඇත්තේ මාතලේ මූලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු බවත් අනතුරෙන් මියගොස් ඇත්තේ එම නිලධාරියාගේ බිරිඳ බවද පොලිසිය පවසයි.

අදාළ නිලධාරියා, ඔහුගේ දරුවා, බිරිඳගේ සහෝදරියක් සහ ඇයගේ දරුවා අනතුරෙන් තුවාල ලබා තිබේ.

Leave a Reply