මෙරට වායු දුෂණය භයානක මට්ටමකට – ජනතාවට අනතුරු ඇඟවීමක්

කොළඹ, මහනුවර, රත්නපුර, යාපනය සහ වවුනියාව දිස්ත්‍රික්කවල පවතින අධික වායු දූෂණය පිළිබඳව අවධානයෙන් සිටින ලෙස පරිසර අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

ශ්වසන සහ හෘද රෝග ඇති ළමුන් සහ වැඩිහිටියන් එළිමහන් ක්‍රියාකාරකම්වල දී මුහුණු ආවරණයක් පැළඳිය යුතු බව ද පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.

වායු දූෂණය මැන බලන වායු තත්ත්ව දර්ශකයේ අගය අද (08) කොළඹ, 181ක් ලෙස සටහන් ව තිබේ.

මෙය සෞඛ්‍යයට අහිතකර අගය ලෙස සැළකෙන්නේ 150 – 200 අතර අගයන් වන අතර ඒ අනුව මෙම තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි.

දැනට මෙරටට බලපා ඇති සුළි කුණාටුව හෙට (09) වනවිට ඉන්දියාවේ තමිල්නාඩු පුදුචෙරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත අතර, ඒ සමඟ ක්‍රමයෙන් මෙම දූවිලි තත්වය ද පහව යනු ඇති බව වාර්තාවේ.

Leave a Reply