මෙරට පොල් ගැන හෙළිදරව්වක්

රිලව්, වඳුරන් හා දඬුලේනුන් විසින් වසරකට පොල් ගෙඩි මිලියන 107ක් විනාශ කරන බව සමීක්ෂණ වාර්තාවක සඳහන් වේ.

වාර්ෂිකව මෙරට වගාවන්ට සතුන්ගෙන් සිදුවන හානි පිළිබඳ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහූණු ආයතනය විසින් මෙම සමික්ෂණය සිදු කර තිබේ.

ඒ සම්බන්ධයෙන් සකස් කල අංග සම්පුර්ණ සමීක්ෂණ වාර්තාවක් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාර දී තිබේ

භෝගවලට වැඩිපුරම හානිකරන්නේ සතුන් හය දෙනෙක් විසින් බවත්, අලියා, මොනරා, රිලවා, වඳුරා, වල් ඌරා හා දඩුලේනා ඒ අතර සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.

වනසතුන්ගෙන් සිදුවන වගා හානි නිසා වාර්ෂික අස්වැන්නෙන් සියයට 40ක් පමණ විනාශ වන බවත් වගාව සඳහා බෝග වැපිරීමේ සිට අස්වැන්න නෙලා ගන්නා අවස්ථාව දක්වා වැඩිම විනාශයක් සිදු කරනු ලබන්නේ මොණරුන් විසින් බවත් අදාල සමීක්ෂණ වාර්තාව සඳහන් කරයි.

Leave a Reply