මෙරට ඉන්ධන සංචිත අන්තිම අඩියට

ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සතුව අද (26) උදෑසන 8.00 වනවිට පැවතියේ සීමාසහිත ඉන්ධන තොගයක් පමණයි. ඒ අනුව කොලොන්නාව සහ මුතුරාජවෙල ඉන්ධන ගබඩා පර්යන්ත දෙකෙහි ඩීසල් මෙට්‍රික්ටොන් 9,222 ක් සහ සුපර් ඩීසල් මෙටි්‍රක් ටොන් 244 ක් පවතින බව වාර්තාවේ

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 871 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,992 ක තොගයක්ද අද පෙරවරුව වනවිට ගබඩා පර්යන්තය සතුව තිබේ

මෙරට දෛනික පෙට්‍රල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 3500 ත් 4000 අතර වන බවත් දෛනික ඩීසල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6600 ත් 8000 අතර ප්‍රමාණයක් බව බලශක්ති අමාත්‍යංශ දත්තවල සදහන්ය.

පවතින තත්ත්වය හේතුවෙන් ඉන්ධන පාරිභෝජනය අත්‍යවශය කටයුතු සඳහා පමණක්ම භාවිත කරන ලෙස බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටි.

Leave a Reply