මුහුද අයිනේ කඳුමුදුනක පිහිටි සුවිශේෂී කුඹුර (රූමස්සල විත්ති 04)


රූමස්සල ඇති ජෛවවිධත්වයත් පාරිසරික අගයත් සලකා 2003 දී රජය අභය භූමියක්‌ බවට රූමස්‌සල පත් කරනු ලැබිය. හෙක්‌ටයාර් 170 ක්‌ වන රූමස්‌සල අභය භූමියේ හෙක්‌ටයාර් 20 ක්‌ම රක්‍ෂිත වනාන්තරයකින් මේ වනාන්තරයේ ඉතා වටිනා දුර්ලභ ඖෂධ ශාක රැසක්‌ දක්‌නට ලැබේ.

අද අපි කතා කරන්නට යන්නේ රූමස්සල පිහිටි  තවත් සුවිශේෂී ස්ථානයක් පිළිබඳවයි. ඒ තමයි රූමස්සල කන්ද මැද පිහිටි අක්කර 07 කින් යුතු සුවිශේෂී කුඹුරක් ගැනය. 

මුහුදු මට්ටමේ සිට මිටර 20 ක් පමණ ඉහළින් මුහුදේ සිට මිටර 100 ක් පමණ නුදුරින් මුහුදට නෙරා ඇති කොටසේ  මෙම කුඹුරු යාය පිහිටා ඇත. වපසරිය අක්කර 07 කින් පමණ යුතු මෙම කුඹුර දැනට පුරන් ව පවතින අයුරු අපට දැක ගන්නට හැකි විය. මෙයට වසර ගණනාවකට පමණ පෙර මෙම කුඹුරු යාය වී වගාකර ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකි වූ බව දැනට රූමස්සල සිටින වැඩිහිටියන් අප සමග ප්‍රකාශ කළේය. 
ස්වාභාවික ජල උල්පත් රැසකින් පෝෂණය වන මෙම කුඹුරු ප්‍රදේශය රූමස්සල කන්දේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයක් ලෙස හැඳින්විය හැක.
ජෛව විවිධත්වයට තොතැන්නක් බඳු රූමස්සල කන්දේ පිහිටි මෙම කුඹුරු යාය මහ සයුර ආසන්නයේ කඳු මුදුනක පිහිටිම සුවිශේෂි කරුණක් ලෙස සැලකිය හැකිය.
පුරන් ව පවතින මෙම කුඹුර යලි අස්වැද්ද වීමට හැකි මට්ටමේ පවතින බවත් මේ පිළිබඳව කෘෂි බලධාරීන්ගේ අවධානය යොමුකර කටයුතු කිරීම කාලෝචිත බව ගම් වැසියන් අප සමඟ ප්‍රකාශ කළේය…
✍️ ෆර්හාන් නිසාම්දින් 


රූමස්සල කන්දේ මැද පිහිටි කුඹුර

Leave a Reply