මුහුදේ දිය වැලකට හසුවු පස් දෙනෙකු බේරාගනි

උල්ල වෙරළ තීරයේ දිය නාමින් සිටි පිරිසක් අතරින් දිය වැලකට හසු වූ පස් දෙනෙකුගේ ජිවිත බේරාගැනීමට එම ප්‍රදේශයේ රාජකාරී නියතුව සිටි පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.

මෙලෙස දිය වැලට හසු වී මුහුදට හසාගෙන ගොස් ඇත්තේ තරුණියන් සිව්දෙනෙකු සහ තරුණයෙකි.

ඊයේ (15) සවස මොවුන් මෙම අනතුරට මුහුණ දී ඇති අතර එහිදී ආරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ජීවිතාරක්ෂක නිලධාරීන් මෙම පිරිස බේරාගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම පිරිස අවුරුදු 18, 19, 25 සහ 29  වයස්වල පසුවන කෝමාරි 01 ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ

Leave a Reply