මුහමාලයදී බස් රථයක් පෙරළී 44ක් රෝහලේ

අද (15) දහවල් A9 මාර්ගයේ මුහමාල ප්‍රදේශයේදී කිලිනොච්චිය දෙස සිට යාපනය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පෙරළීමෙන් තුවාල ලැබු 44 දෙනෙකු රෝහල්ගතකර ඇතැයි මෙම අනතුරට මුහුණදී ඇති බව පලෙයි පොලිසිය පවසයි

මාර්ගයේ ධාවනයවූ බස් රථයක් දකුණට හැරවීමේදී ඊට පිටුපසින් පැමිණි ටිපර් රථයක් බස් රථයේ ගැටී බස් රථය පෙරළීගොස් තිබෙන අතර එම අනතුරෙන් තුවාල ලැබු බස් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් කළ පුද්ගලයින් 44 දෙනා යාපනය, පලෙයි සහ කිලිනොච්චිය යන රෝහල්වලට ඇතුලත් කල බවද පොලිසිය පවසයි.

අනතුර සම්බන්ධයෙන් පලෙයි පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply