මුගටි විසෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට

මුගටියෙකු විසින් කකුල සපා කෑම නිසා රෝගාතුරව හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පුද්ගලයෙකු මියගොස් තිබෙන බව වාර්තාවේ.

එලවාගෙන ආ සුනඛයින්ගෙන් බේරීම සඳහා නිවස තුළට රිංගා ගත් මුගටියකු පලවා හැරීමට උත්සහ කළ එම පුද්ගලයාගේ එක් කකුලක මහපට ඇඟිල්ල සපාකා ඇති බව හලාවත රෝහලේ පැවැති මරණ පරීක්ෂණයේදී කරුණු අනාවරණයවි තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය මාවිල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ව්‍යාපාරිකයෙකි

Leave a Reply