මිහින්තලයේ කාන්තාවක් දූෂණය කර ඝාතනය කරලා

මිහින්තලය, දොරමඩලාව ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් ඊයේ (29) දහවල දූෂණය කර මරා දමා ඇති බව පොලීසිය පවසයි .

මෙලෙස මියගොස් ඇත්තේ 03 වන පියවර, දොරමඩලාව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කාන්තාවකි.

මියගිය කාන්තාව තම මව සමග නිවසේ පදිංචිව සිට ඇති බවත් මව අසල නිවසක රැකියාව සඳහා ගොස් සිටියදී අසල ගමක පදිංචි පුද්ගලයෙකු නිවසට පැමිණ අදාළ කාන්තාව දූෂණය කර ඝාතනය කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

ඝාතනය සිදුකළ වයස අවුරුදු 47ක් වූ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිහින්තලය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply