මිලියන 130ක කේරළ ගංජා තොගයක් වයඹ මුහුදේදී අත්අඩංගුවට

නාවික හමුදාව හා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදුකල මෙහෙයුමකදි කුදිරමලේ තුඩුවට බටහිරින් මුහුදු කලාපයෙදී රුපියල් ලක්ෂ 1300 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 434 ක් සමග ඉන්දියන් හා මෙරට ධීවරයින් 10 දෙනකු අත් අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි

මෙම වැටලිම වයඹ මුහුදු කලාපයට අයත් පුත්තලම කුදිරමලේ තුඩුවට බටහිරින් වු මුහුදේදි සැක සහිත ඉන්දියන් ඩව් යාත්‍රාවක් පරික්ෂා කිරීමේදි මෙම කේරළ ගංජා තොගය සොයා ගැනිමට හැකිව වු බව නාවික හමුදාව පවසයි.

උර 9 ක් තුළ ඉතාම සුක්ෂම අයුරින් අසුරා තිබු කේරළ ගංජා කිලෝ 434 ක ප්‍රමාණය ඩව් යාත්‍රාවේ සගවා තිබු බව නාවික හමුදාව පවසයි.

Leave a Reply