මිනුවන්ගොඩ වෙඩි තැබීමකින් එක් අයෙකු මරුට

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කුකරුවකු විසින් ඊයේ (16) රාත්‍රියේ එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ විවිධ අපරාධ චෝදනා සම්බන්ධයෙන් අධිකරණ ඇප මත  සිටින 30 හැවිරිදි අයෙකු බවද පොලිසිය පවසයි.

මරණකරු යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණ වෙඩි ප්‍රහාරය එල්ල කර ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධි සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි

Leave a Reply