මිදිගම මනුෂ්‍ය ඝාතනයක්

ඊයේ (11) රාත්‍රියේ මිදිගම පාතේගම ප්‍රදේශයේ නිවසක් තුළදී කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙකු තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ ඝාතනය කර ඇත්තේ 24 හැවිරිදි
වෑකඩරුප්ප, මිදිගම පදිංචි පුද්ගලයෙකු බවද පොලිසිය පවසයි.

ඝාතනය පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණ අද පැවත්විමට නියමිතය.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply