මැන්ඩවුස් චණ්ඩ සුළි කුණාටුව අද රාත්‍රියේ ඉන්දීය ගොඩබිමට

මැන්ඩවුස් චණ්ඩ සුළි කුණාටුව අද (09) රාත්‍රියේ නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩුවේ පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ඇතුළු වන බව එරට හා ජාත්‍යන්තර කාලගුණ අංශ නිවේදනය කළේය.

මෙම කුණාටුවේ බලපෑමෙන් තද සුළං හේතුවෙන් ගස් කඩා වැටීම්, තද වැසි සමග ගංවතුර තත්ත්වයන් ඇති විය හැක බව එම නිවේදන වල සඳහන්.

මේ වන විටත් තමිල්නාඩු වෙරළ ආශ්‍රිත ප්‍රදේශවල විදුලි බලය විසන්ධි කර ඇති අතර අනාරක්ෂිත ප්‍රදේශවලින් ජනතාවද ඉවත් කර ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බවත් ආරක්ෂක ලැබෙන වාර්තා සදහන් කරයි.

මේ අතර සුලි කුණාටුවේ බලපෑමට ලක්විය හැකි ප්‍රදේශවල ජනතාවට නිවෙස් තුළටම වි ආරක්ෂිතව සිටින ලෙස තමිල්නාඩු බලධාරීන් දැනුම් දී ඇති අතර සයිරන් නළාද නාද කර ඇති බව එහි සඳහන්.

පෙර පුවත් සඳහා

Leave a Reply