මැන්ඩවුස් චණ්ඩ සුළි කුණාටුවෙන් මෙරට පළාත් 04කට බලපෑම්

යාපනයේ සිට කිලෝමීටර 230ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථාපිතව පවතින මැන්ඩවුස් සුළි කුණාටුව හේතුවෙන් උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර 60 – 70ක් පමණ තද සුළං අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන්කර දෙසැම්බර් 09 වනදා රාත්‍රියේ නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම උතුරුමැද පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය

මේ අතර උතුරු පළාතේ නිරන්තරයෙන් වැසි ඇතිවන බවත් එහිදී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර, අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

මේ අතර බස්නාහිර සහ වයඹ පළාත්වලත් නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය .

පෙර පුවත් සඳහා

Leave a Reply