මැතිවරණයට සුදානම් වෙමින් ගාල්ලේ ඡන්ද පෙට්ටි සෝදයි

පළාත් පාලන මැතිවරණය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ කටයුතු මේ වනවිට සුදානම් කරමින් පවති. වසර හතරක කාලයක් තිස්සේ ගබඩා කර තිබු ඡන්ද පෙට්ටි පිරිසිදු කිරිමද ඊයේ (11) ආරම්භ කරන ලදී

ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 20ක් තිබෙන අතර මෙවර මැතිවරණය පවත්වනු ලබන්නේ පළාත් පාලන ආයතන 19ක්  සඳහා පමණි.

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඇල්පිටිය ප්‍රාදේශිය සභාව හැර අනෙක් ආයතන 19 සඳහා ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 835358කි.

ගාල්ල දිස්ත්‍රික්කයේ මහ නගර සභා එකක් නගර සභා දෙකක් සහ ප්‍රාදේශිය සභා 18ක් ක්‍රියාත්මකවේ. 

Leave a Reply