මාලයක් කොල්ලකෑ දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි – එක් අයෙකු මරුට

කටුනායකදි යතුරු පැදියකින් පැමිණ මාලයක් කොල්ලකා පලාගිය දෙදෙනකු පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් පසු එක් අයෙකු මියගොස් අනෙක් පුද්ගලයයා තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 22ක මීරිගම පදිංචිකරුවෙකි.

යතුරු පැදියකින් පැමිණි මොවුන් දෙදෙනා  මීගමුව ඔරලෝසු කණුව අසලදී රන් මාලයක් කොල්ල කා පළා යන බවට රථවාහන පොලිසියේ යතුරුපැදි ඒකකයට ලද තොරතුරක් අනුව පසුපස හඹා ගිය පොලිස් පොළිස් නිලධාරීන්ට කොල්ලකරුවන් වෙඩිතැබීමේදී පෙරළා මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය පවසයි

සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය පරීක්ෂණ පවත්වයි

Leave a Reply