මාරක අනතුරු ජීවිත හතරක් බිලිගනි

දිවයිනේ විවිධ ප්‍රදේශවල ඊයේ (25) සිදුවු මාරක රිය අනතුරු තුනකින් පුද්ගලයින් හතර දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිසිය පවසයි.

පුවරසන්කුලම් මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එහිදී 41 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හොරණ – කොළඹ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් එක් අයෙකු මියගොස් තිබේ. බස් රථයකට දකුණු දිසාවෙන් ගමන් කළ යතුරුපැදියක් මාර්ගයේ පෙරළී ගොස් බස් රථයේ රෝදයකට යතුරුපැදිකරු යට වී එම අනතුර සිදුව ඇත. මෙහිදී 33 හැවිරිදි ගාල්ල යක්කලමුල්ල පදිංචි පුද්ගලයෙකු මියගොස් තිබේ.

මේ අතර මරදන්කඩවල – වාලච්චේන මාර්ගයේ දී හබරණ දෙන සිට මරදන්කඩවල දෙසට ධාවනය වූ ලොරියක් මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක ගැටී සිදුවු අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා තුවාල රෝහල් ගත කර ඇති අතර පසුව ඔවුන් දෙදෙනාම මියගොස් තිබේ.

අනතුරු සම්බන්ධයෙන් අදාල පොලිසි වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply