මාමාගේ රියට යටවි අවසන් ගමන් ගිය පුංචි දැරිය

ව්‍යාපාරිකයෙකු පැද වූ මෝටර් රථයට යටවීමෙන් සිය සහෝදරියගේ වයස අවුරුදු එකහමාරක දැරියක් මිය ගොස් තිබෙන බව කොහුවල පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ කලුබෝවිල පදිංචිව සිටි සුවයිරා මුස්තාක් නැමැති කුඩා දැරියකි.

මෝටර් රථය පැද වූ දැරියගේ මවගේ සහෝදරයා වන 28 හැවිරිදි කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඔහුගේ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු ඊයේ (16) දහවල් ආගමික වතාවත්වල යෙදීම සඳහා නිවසින් පිටවී යාමට සූදානම් ව මෝටර් රථය නිවස ඉදිරිපිටට ගරාජයෙන් පිටතට ගැනීමේ දී මෝටර් රථයේ ඉදිරිපසට පැමිණි දැරියව බෆරයට සහ පොළවට තෙරපීමෙන් අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අනතුර සියැසින් දුටු නිවසට පැමිණ යතුරු පැදියෙන් පිටවීමට ගිය පුද්ගලයෙකු ඒ බව සැකකාර රියදුරුට දැනුම් දීමත් සමග ඔහු මෝටර් රථය ආපස්සට ගෙන ඇති අතර නැවතත් දැරියව මෝටර් රථයේ බපරයට සහ පොළොව අතර තෙරපී ඇතැයි පොලිසිය පවසයි

වහා ක්‍රියාත්මක වූ නිවැසියන් දැරියව කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව මූලික ප්‍රතිකාර ලබාදී කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව අද (17) අළුයම මියගොස් තිබේ.

අනතුරට සම්බන්ධ සැකකරු සහ මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply