මාතෘත්වයට එරෙහි අපරාධයක් පයාගලින්

සිය දින හතක් වයසැති බිලිඳියක් අවස්ථා තුනකක දී පොළොවේ ගසා ඝාතනය කළ බව කියන 28 හැවිරිදි මවක් ලද තොරතුරක් මත අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව පයාගල පොලිසිය පවසයි.

පයාගල හල්කඳවිල කැන්දගහවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි කාන්තාවක් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනයට ලක්වූ බිලිඳිය ඇය දාව උපන් නිවුන් දැරියන් දෙදෙනාගෙන් බාල දැරිය බවද පොලීසිය පවසයි.

ඉකුත් 15 වනදා එම බිලිඳිය ඇඳෙන් වැටී අනතුරට ලක්වූ බව පවසා කළුතර මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර මරණය සම්බන්ධයෙන් සැක සිතී කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී දැරිය ඝාතනයට ලක්ව ඇති බවට හෙළිව තිබෙන බව පොලිසිය පවසයි.

සැකකාර මව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර මේ සම්බන්ධයෙන් පයාගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

Leave a Reply