මාතර රිය අනතුරකින් කාන්තාවක් මියගොස් දෙදෙනෙකුට තුවාල

මාතර නාදුගල වේල්ල ආසන්නයේ දී අද (10) පෙරවරුවේ ත්‍රී රෝද රථයක් හා ලොරියක් හැපීමෙන් ත්‍රී රෝද රථයේ ගමන් කරමින් සිටි තිදරු මවක් ජීවිතක්ෂයට පත් වී ඇගේ සැමියා හා පුත්‍රයා තුවාල ලබා ඇතැයි තිහගොඩ පොලීසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ කෝමංගොඩ දිගන්වල පදිංචි (48) හැවිරිදි තිදරු මවකි.

ඇය තම ආබාධිත සැමියා මාතර මහ රෝහලේ සායනයකට පෙන්වීම සදහා පුත්‍රයා සමග ත්‍රී රෝද රථයෙන් නිවසේ සිට මාතරට එන අතරතුරදී මෙම අනතුරට ලක්ව තිබේ.

අතුරු මාර්ගයකින් පැමිණ ඇති ලොරිය ප්‍රධාන මාර්ගයට ඇතුළු කරන අවස්ථාවේ දී මෙම අනතුර සිදු වී තිබේ.

මිය ගිය කාන්තාවගේ හදීසී මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතව තිබු අතර අනතුර සම්බන්ධයෙන් තිහගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වා ගෙනයනු ලබයි.

Leave a Reply