මාතරදී යතුරුපැදියක් දුම්රියේ ගැටී එක් අයෙකු මරුට

මාතර උයන්වත්ත ධර්මාරාම දුම්රිය හරස් මාර්ගයේදීය ඊයේ (27) යතුරු පැදියක් දුම්රියක ගැටී පුද්ගලයෙකු මියගොස් ඔහුගේ පුතා තුවාල ලබා තිබෙන බව පොලිසිය පවසයි.

ඊයේ උදෑසන බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියේ ගැටී සිදුවු මෙම අනතුරින් මියගොස් ඇත්තේ 50 හැවිරිදි වියේ පසුවූ මාතර වේරගම්පිට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි

මියගිය අයගේ 08 හැවිරිදි වියෙහි පසුවන පුතා බරපතළ තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කරාපිටිය රෝහල වෙත මාරුකර යවා තිබේ.

මාතර පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply